පක්ෂ දේශපාලනය අවසන් කරමු

පක්ෂ දේශපාලනය අවසන් කරමු


Covid 19 එහෙමත් නැත්නම් කොරනා වවසංගතය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තියෙන මේ වෙලා වේ වෙනදාට වඩා රටේ රාජ්‍ය යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වන බව අප කාටත් හොඳින් පෙනෙන කරුණක්

නමුත් මීට මාස කිහිපයකට පෙර රට දේශපාලන මඩ ගොහොරු ව තුළ පල්වෙමින් ගද ගහන අසූචි වලක් බවට පත්ව තිබුණි..

දැන් ඇත්තේ දේශපාලනය නොමැති යහපත් පාලන ක්‍රමයක් වන අතර ජනාධිපති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ සියලුම රාජ්‍ය ආයතන හොඳින් ක්‍රියාත්මක වෙ..

O/L පාස් නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග 225 නඩත්තුව සඳහා යන වියදම මෙම ක්‍රමය යටතේ අවසන් කල හැකිය යන්න මාගෙ අදහසකි..

1948.02.04 නිදහස ලබා ගැනිමෙන් පසුව දේශපාලනය තුළින් අප රට අදුරු අගාධයකට ඇද දමා සැමදාමත් දියුණු වෙමින් පවතින ලේබලය අලවා වෙන්දේසියේ තබා ජාත්‍යන්තර හමුවේ විකුණා දමා තිබේ..

Covid 19 වලට පින්සිදු වන්නට දැන් සියල්ල හොඳින් සිදුවෙමින් පවතී..
ආරක්ෂක අංශ විසින් රාජ්‍ය පාලනය සදහා හොද සහයක් ලබා දෙන බව අප සියලු දෙනාට පෙනෙන්නට තිබේ..

අපේ රටේ අනාගතය වෙනුවෙන් අවම වශයෙන් වසර කිහිපයකට හෝ. මේ රට මේ ආකාරයට පාලනය කල යුතුය යන්න මගේ අදහසයි..  ජනතාව වෙනුවෙන් පෙනී සිටීම සඳහා මේ අවස්ථාවේ ඇත්තේ ආරක්ෂක අංශ සහ රාජ්‍යය නිලධාරීන් පමනක් වන අතර දේශපාලකයන් ආගිය අතක් නොමැත.. ඔවුන් හට අවශ්‍ය බලය පමනකි 

මේ අනුව අප සිහියට ගතයුත්තේ මේ රට පාලනය කළ යුත්තේ දේශ පාළුවන් විසින් නොව රටට ආදරය කරන දේශප්‍රේමීන් විසින් බවය.. 




Comments

Popular posts from this blog

ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්