කොරෝනා වෛරසයේ ආරම්භය සහ මරණ සංඛ්‍යා ගැන චීනය කියන්නේ ඇත්තද?

කොරෝනාවෛරස් (කොවිඩ්-19) වසංගතය චීනයෙන් පැතිරයාම ආරම්භ වූ මුල් අවස්ථාවේ බීජිං බලධාරීන් විසින් එදා පැවැති තත්ත්වය පාලනය කිරීමට ගන්නා ලද ක්‍රියාමාර්ග ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) ප්‍රශ්න කරයි.
වෛරසය ආරම්භ වූ විගස, එම අර්බුදකාරී මොහොතේ චීනය තත්ත්වය පාලනය කරනු ලැබීම සඳහා උපරිම මට්ටමින් ක්‍රියාත්මක වී ඇතැයි පැවසීම ව්‍යාජ බොළඳ ක්‍රියාවක් යයි ප්‍රංශ ජනාධිපතිවරයා 'ෆයිනෑන්ෂල් ටයිම්ස්' (Financial Times) පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීම සිදු කෙරුණේ බටහිර රටවල්, සිය මහලු ජනයා වැඩහිටි නිවාසවල මියැදෙන්නට දමා ඇති බවක් චීන තානාපති කාර්යාලයේ අන්තර්ජාල වෙබ් අඩවියේ ලිපියක් මගින් ප්‍රකාශවීමත් සමඟය.
එම ප්‍රකාශය දැන් ආරවුලක් බවට පත්ව ඇත.
ඒ සමඟ ක්‍රියාත්මක වූ ප්‍රංශ විදේශ අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් "බලවත් අප්‍රසාදය" පළ කිරීම සඳහා එරට සිටින චීන තානාපතිවරයා කැඳවීමට පියවර ගත්තේය.
උද්ගත වූ ආරාවුල "වැරදි වටහාගැනීමක්" යයි පවසමින් චීනය තමන්ට එල්ලවෙමින් පවතින දෝෂාරෝපණ ප්‍රතික්ෂේප කරයි.
A man wearing a protective suit checks a woman's temperature next to a residential area in Wuhan, in China"s central Hubei province on April 7, 2020.Image copyrightAFP
"ප්‍රංශය කොරෝනාවෛරස් වසංගතය හමුවේ එය මැඩලීමට පොර බදමින් සිටින ආකාරය සම්බන්ධයෙන් කිසිදු නාස්තික ප්‍රකාශයක් තමන් සිදුකර නැතැයි" පවසන චීන ආණ්ඩුවේ ප්‍රකාශක ෂාඕ ලියෑන් (Zhao Lijian) "එවැන්නක් කිරීමේ කිසිදු අභිප්‍රායක් නොමැති" බවත් කියා සිටියේය.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයාගේ එම අදහස් දැක්වීම සිදු කෙරුණේ, කොවිඩ්-19 වෛරසය පැතිරයාම ආරම්භ වූ වූහාන් නගරයේ මරණ සංඛ්‍යාව චීනය විසින් නැවත සංශෝධනය කරනු ලැබීමත් සමඟය.



උපුටා ගැනීම.. BBC Sinhala news 

Comments

Popular posts from this blog

ජනාධිපති තුමන්ගේ විශේෂ ප්‍රකාශය

අප්‍රේල් 20 සිට සාමාන්‍ය සේවා ආරම්භ කිරීමට සැලසුම්